Wednesday, December 22, 2010

මිතුරේ!

කුඩා කල් පටන් මාත් සමඟ සිට,
ශිල්ප ගැනුමට එකම තක්සලාවට
පියමැන්න අපිකෙදිනක හෝ වෙන්ව යන්නෙමු....
ඔබ මගේම සොයුරියක ලෙස,
දුක් කරදර වලදී මා ළඟින්ම සිට
බාධක ජයගැන්මට ද උදව් දුන් ඔබට
පතමි සුභ ප්‍රාර්ථනා!...
මගේ ම මිතුරිය වේවා සදාකල්හිම......!

Sunday, September 12, 2010

Sri Lanka , New Zeland Cricket Match

                                    Topic 1 දැක්කම මම මොකක් ගැන කියන්න යනවද කියලා හිතාගන්න අමාරු වෙයි.
 මම මේ කියන්න යන්නේ දඹුල්ල stadium එකේ අගෝස්තු 19 වෙනිදා තියන්න ගියපුCricket Match 1 ගැනයි.

                                   අපි ඒක බලන්න ගියා. එදා match 1 ‍දවල් 2ට පටන් ගන්නවා කියපු නිසා
    අපි දවල් 12.30 ටම එතනට ගියා. අපි පොඩි Jolly යක් ගන්න bongo එකකුත් අරං තමයි ගියේ.
 Match 1 බලන්න ගියේ මමයි, නංගියි, තාත්තයි, අයියලා තුන්දෙනයි, මල්ලියි, ලොකු තාත්තයි,
මදු තාත්තයි, Driver අංකලුයි. අපි ඉතිං ගිහිල්ලා ඉස්සරහිං වාඩිවෙලා, කාලා බීලා ටිකක් වෙලා ground එක දිහා බලං හිටියා. අහස ටිකක් කළු කරලා තිබ්බට කවුරුවත් හිතුවේ නෑ වහියි කියලා. (ඇත්තටම මම නං හිතුවා sure 1ට වහියි කියලා:-))
                                                          
                                        කොහොම හරි ground 1වහලා තිබ්බ රෙදි කෑලිත් අයිං කරලා match 1
පටන් ගන්න ලෑස්ති වෙනකොටම අපේ ලොකු තාත්තා පටන් ගත්තා bongo 1 ගගහා සිංදු කියන්න.
අපේ අයියලා එයාට help කළා. මමත් ඉතිං help1ක් දුන්නේ නැතුවම නෙමෙයි;-). මේ විදියට ගොඩාක් අය drums ගෙනල්ලා ගැහුවා. අපේ අයියලා තුන්දෙනයි, ලොකු තාත්තයි, ඒ මල්ලියි Sri lanka ටී ෂර්ට් ඇදං , මූණේ ස්ටිකර් අලවං, ජාතික කොඩිත් අරගෙන ගියා. මම නං ඉතිං හොඳ ළමයා වගේ ගියා. Match එක බලන්න ඇවිත් හිටපු සමහර අය පාට පාට wigs දාලා මූණත් පාට කරගෙන ඇවිත් හිටියා. සමහරුන්ව දැක්කම හිනාත් යනවා.

                                    කොහොම හරි පටන් ගන්නවා කිව්වට මෙන්න බොලේ පටන් ගත්තේ match 1 නෙවෙයි අනේ මාර වැස්සක්.! ඔක්කොගෙම fun 1 දෙගොඩතලා ගියේ නැතෑ. පස්සේ ඉතිං වැස්ස පායයි කියලා හිත හිතා අපි රෑ 8.00 වෙනකම්ම ground එකේ හිටියා. ඒ වුණාට match 1 තිබ්බේ නෑ.

                                   ඊට පහුවදා ඒ කියන්නේ 20 වෙනිදා match 1 තියෙනවා කිව්ව නිසා අපි 20 වෙනිදත් ground 1 ට ආ‍වා. ඊට කලිං දවසේ ground 1 වහපු රෙදි එහෙම අයිං කරලා (කෙටියෙන් කිව්වොත්) match 1 පටන් ගත්තා. කියලා වැඩක් නෑ මතං overs 43යි. Match 1 finish. ඇයිද දන්නවද හවස 6.00 ට විතර එදත් වැස්සා. මේ වගේ පරිප්පුවක් නං මම කවදාවත් කාලා තිබ්බේ නෑ :-) සුපුරුදු පරිදි අපි 8.00ට විතර වෙන Circuit 1ක නැවතුනා. ඇයි දෙයියනේ කලිං circuit 1 book කරං තිබුණේ දවස් 2කට නේ.

                                         මේක තමයි ඉතිං අපි බලපු match 1කේ storyය. අපි දඹුල්ලේ තවත් ලස්සන තැනකට ගියා. ඒ ගැන මම පස්සේ වෙලාවක මතංලට කියන්නං

සමාවෙන්න!

අනේ මතංලා පොඩ්ඩක් sorry වෙන්න ඕන මේ ටිකේ post 1ක් දාන්න බැරි වුණාට.
මේ නිවාඩු කාලේ මම හරියට busy. මොකද අපේ ලොකු තාත්තයි,එයාගේ පුතයි දෙන්නා England වල ඉදං ආවනේ.
ලොකු තාත්තා මට Lap Top 1ක් ගෙනාවා. මම නං මේ නිවාඩු කාලේ full happy එකේ හිටියේ.
තවත් 1ක් මේ නිවාඩු කාලේ අපි මහා සංචාරයක් (මහ කිව්වට අනේ පොඩියි) කළා.
ඒ ගැන තමයි මම මතංලට දැන් කියන්න යන්නේ.

ඕං ඉතිං කියවලාම බලන්නකෝ.....

Sunday, July 18, 2010

ආදර පියාණනි....!


                                                         මා මෙලොවට බිහි නොකළත්

                                                    කවා පොවා මා සුරැකිව දැඩිකොට

                                    වැටි වැටී නැඟිටින විට මට අත දුන්, දුක් කම්කටොළු වලදී

                                                      පර්වතයක් සේ ළඟ රැදී සිටිනා

                                                        මගේ ආදර පියාණනි...

                                               ජීවිතය සියළු බාධක මඟහැර

                       ජීවිතය ජයගන්නට මට දුන් ඔවදන්, යහමින් සුරකිමි දිවි ඇති තෙක්ම....

                                           මාගේ දෙනුවන් ඔබයි පියාණනි       
                                          
                                          උපදින හැම භවයකම වේවා ඔබ

                                                 මගේම පියාණන්....!

ආදරණීය මෑණියනි!



                                                           දස මසක් කුස දරා
                           
                                                  මා මෙලොවට බිහි කොට,
                                 
                                               ලේ කිරි කර පොවා මා දැඩිකර

                                   එදා පටන් අද දක්වා ජීවිතයෙහි දුක් කම්කටොළු මැද

                                          මා දිරිමත් කරනා ආදර මෑණියනි..............

                                                  පතනෙමි සැමදා ..

                                      ඔබ මගේම මෑණියන්වී ඉපදෙන්නට!



                                        

මම තමයි ඕයි doctor................!





                      
                                   එක මනුස්සයෙක් වාහනයක් drive කරං ගිහිං කහඉර ළඟදි මඟියෙක්ව හැප්පුවාලු.
         මේ මිනිහා වාහනෙන් බැහැලා ගිහිං මඟියට කිව්වලු,

                                          "තමුසේ මෙතන හැප්පිච්ච එක හොඳයි"

                                          මඟියා " ඇයි ඒ එහෙම කියන්නේ? " කියලා අහලා.

                                          රියදුරා " නෑ... මේ ඉස්සරහ තියෙන්නේ doctorගේ ගෙදරනේ. ඒ නිසා
                                                     තමුසෙගෙ වෙලාව හොඳයි." කිව්වලු.

                 එතකොටම මඟියාට යකා නැඟලා හයියෙන් කෑ ගහලා කිව්වලු,
                                        
                                         " මම තමයි ඕයි Doctor " කියලා.




                                 
                                         

Saturday, July 17, 2010

කතරගම දෙවියෝ......!

                               ඔන්න එක පිස්සු වාට්ටුවක හිටපු man කෙනෙක්
             ඒ වාට්ටුව භාර doctor ගෙදර යද්දී doctorට ලියුමක් දුන්නලු,
           
                  "අනේ doctor මේ ලියුම post කරන්න" කියලා

           ඉතිං doctor හා කියලා ලියුම අරන් ගිහිං address 1 බලද්දී ලිපිනය ලියලා තිබුණේ මෙහෙමලු

                                                 කතරගම දෙයියෝ,
                                                 කතරගම දේවාලය,
                                                 කතරගම.

                 ඉතිං doctor පටස් ගාලා ලියුම කඩලා බැලුවලු. ලියුම ලියලා තිබුනේ මෙහෙම,

                                   "  අනේ ‍දෙවියනේ! මගේ අතේ සිගරට් එකක් බොන්න තරම්වත් සල්ලි නෑ.
         පුළුවන් නම් මට රු.100/= ක් එවන්න. එවනකං බලං ඉන්නවා." කියලා තිබුණලු.

               ඉතිං ලියුම කියවලා දුක හිතුන doctor පහුවදා ලියුම් කවරයක රු.50/= ක් දාලා අර මිනිහට
       දුන්නලු.

             හවස doctor ගෙදර යද්දී අර මනුස්සයා doctorට තව ලියුමක් දුන්නලු post කරන්න කියලා.
      ඒ ලියුමේ තිබුණෙත් අර address 1මලු.Doctor ලියුම කඩලා බලල කියෙව්වලු,

              දයාබර කතරගම දෙවියනේ,
                        
                               මට සල්ලි එව්වට ස්තුතියි. ඒත් ඉතිං ඔබ වහන්සේ එවපු රු.100/= යෙන්
            
            රු.50/= කටම Doctorකාරයා විදලා. වෙන ලියුම් කවරෙකට රු.50/= ක් දාලා මට දුන්නා.

           මේක දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ!"

                                  කියලා ලියල තිබුණලු. ඒක දැකපු doctorට තරු විසිවුණාලු.
                                                                                  

Monday, July 12, 2010

පංති භාර ගුරුතුමී......!


ගුරුතුමී :- " ළමයි මම අද උදේ ඉස්කෝලෙ එනකොට මාව පහුකරගෙන

බස් 4කුයි , ලොරි 7කුයි , වෑන් 7කුයි , කාර් 5කුයි , බයිසිකල් 2කුයි ගියා.

දැන් එහෙනම් කියන්න බලන්න මගේ වයස කීයද කියලා."

ශිෂ්‍යයා :- "48 යි ටීචර්"

ගුරුතුමීට තරු විසිවුණා. මොකද දන්නවද? ඒ එයාගේ ඇත්ත වයස නිසා.

ගුරුතුමී :- "කොහොමද පුතා වයස 48 යි කියන්නේ? "

ශිෂ්‍යයා :- "නෑ ටීචර්. මේ... අපේ මාමා කෙනෙක් ඉන්නවා. එයාට වයස 24 යි.

ඒත් එයාට බාගෙට පිස්සු. ඉතිං මම හිතුවා ටීචර්ට හොඳටම පිස්සු ඇති

කියලා. හී... හී... හී..."

මං එයාගේ අම්මා...............!


ඔන්න සමන්ගේ girl friend ඉරේෂාට නුවරින් job 1ක් හම්බ උනාලු.

"මෙතන ලොක්කා කැමති නෑ අපිව මුණගැහෙන්න Boysලා එනවට.....

ඒ නිසා කවුරු හරි ඇහුවොත් ඔයා මගේ අයියා කියන්න."

ඉරේෂා සමන්ට කිව්වා.

දවසක් ඉරේෂාව මුණගැහෙන්න ගිය සමන් පිළිගැනීමේ නිළධාරියා විදිහට
හිටපු Aunty ගෙන් ඇහුවලු,

"මේ.. ඉෂාරා ඉන්නවද?... මම එයාගේ අයියා..."

එතකොටම අර Aunty කියලා,

" ආ ඇත්තද?.. අඳුනගන්න ලැබුණ එකට හරි සතුටුයි.
මම එයාගේ අම්මා...."

එතකොට සමන්ට එතනම කලන්තේ දාලා.

Sunday, July 11, 2010

Harry Potter මායා ලෝකය.........!



ඔය ගොල්ලෝ හැමෝම අහලා ඇතිනේ Harry Potter ගැන. ඉතිං මමත් එයා ගැන
පත්තරේකින් පොඩි විස්තරයක් හොයං ආවා.ඒ තමයි June 18 විවෘත කරපු
" Harry Potterගේ මායා ලෝකය".

‍ මේක තියෙන්නේ U.S.A වල ‍Florida ප්‍රාන්තයේ Orlando නගරයේ පිහිටා තිබෙන
ත්‍රාසජනක ක්‍රීඩා තියෙන උයනේයි. මේ Harry Potterගේ මායා උයන අක්කර 20ක් දුරට පැතිරිලා තියෙනවා. මේ මායා උයනේ Harryගේ films වල ගොඩාක් කොටස් Live බලන්න පුලුවන්.


Harry school 1ට යන හොග්වාර්ඩ්ස් express train එක මේකේ හදලා තියෙනවා.
කැමති නං ඒකෙ නැඟලා රවුමක් යන්නත් පුලුවන්. තව‍ ගොඩාක් Items මේ උයනේ හදලා තියෙනවා.

මකර අභියෝගය

මැජික් යෂ්ටි

බකුසු තැපෑල

සොන්කාගේ විහිළුකාර සාප්පුව

ඒ Items වලින් ටිකක් විතරයි. මේ උයන විවෘත කරපු දවසේ
Harry එහෙමත් නැත්තං Daniel Radclife ඇවිල්ලා තියෙනවා. එයා මේ උයනේ කැමතිම
අංගය "මකර අභියෝගය" ලු.

තව ගොඩාක් කරුණු තියෙනවා. හැබැයි මම තෝරලා බලලා හොඳ කරුණු
ඔන්න ඔය කට්ටියට තමයි කිව්වේ.

අපේ මේ Harry ගේ Birth Day එක තියෙන්නේ July 23. 1989 අවුරැද්දේ
තමයි ඉපදිලා තියෙන්නේ. අපිට ළඟදී‍ම බඩ පැලෙන්න Cake කන්න පුළුවන් වෙයි.


ඒක නෙවෙයි දැන් ඉන්නේ අපේ ඉස්සර හිටපු පුංචි Harry නෙවෙයි.
වයස අවුරුදු 21ක් වෙන්න යන Harry Uncle කෙනෙක්. අපිටත් කවදහරි මේ ටික තමයි
වෙන්නේ.

නැද්ද මං අහන්නේ?

අහමුද OLD STORYයක්...!

කලුවට හිටි එමලි දුවගෙන එළියට ආපි

දෙයියො තමයි දන්නේ සිද්ධිය//

සුදු වෙන්නට හිතපු කෙනා බිව්වා නේද වදකහ සුදිය


දවාලේම රෑ වුණු ඒ විගසේ

එමලි ගියා පිළිකන්නට විලසේ

කලුවට හිටි එමලි සුදුවෙන්නට හිතපි

අනේ! මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ!

බිව්වා නේද වදකහ සුදිය....?

මම මේ සිංදුව ලිව්වේ 50ස් ගණන් වල විතර වුණු පොඩි සිද්ධියක් කියන්න.
වෙනදා වගේම මේ කතාව කිව්වෙත් මගේ තාත්තා. ආච්චි තමයි තාත්තට කියලා තියෙන්නේ.
ඔන්න ඉතිං කතාව අහගන්නකෝ!


එක කාලෙක මේ ළඟදී වුණා වගේ සූර්යග්‍රහණයක් ඇතිවෙලා තියෙනවා.
ඉතිං ඒ කාලේ ජෝතිෂ්‍යය ගැන තිබුන පත්තරවල කියලා තිබුණලු සූර්යග්‍රහණයක් ඇති‍වෙනවා
ඒ වෙලාවට වදකහ ගලක ඌරච්චි කරලා බීලා ගෙයි පිළිකන්නට ගිහිං ඉර දිහා බැලුවම ලස්සන
වෙලා මූණ පැහැපත් වෙනවා කියලා.


ඉතිං අපේ ලංකාව වටේ ඉන්න සමහර මෝඩ ගෑණු කට්ටිය කාටවත්
nokiaම මේ වැ‍ඩේ කරලා. අන්තිමට මාර seen එක කියන්නේ හතර දීපංකරේම
ඉන්න තළෙලු ස්ත්‍රී වර්ගයා hospital වල beds පිරෙනකං ඉදලා. Toilets පවා
මදි වෙලා. ඒ ඇයිද දන්නවද කට්ටියටම බඩේ රුදාව හැදිලා.


මාර case 1 කියන්නේ doctorsලට ඒ බඩ යන ලෙඩේට
හේතුව හොයාගන්න බැරිවෙලා. ඇයිද දන්නවද?

කවුරුවත් කියලා නෑ තමං වදකහ බිව්වා කියලා.

Sunday, July 4, 2010

ගුටි කෑම..............

මේ කතාව නම් ටිකක් විතර jolly. කතාවේ හැටියට ප්‍රධාන චරිත 3ක් තියෙනවා. ඒ තුන්දෙනා හොඳටම ගුටිකාලා hospital එකේ ඇඟ වටේට bandage කරගෙන හිටියේ. මේ ගැන ආරංචි වුණු reporter කෙනෙක් hospital 1ට ආවා මේ තුන්දෙනාව බලන්න. ඊට පස්සේ එයා මේ තුන්දෙනාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
"ඔය කට්ටිය දේශපාලනයට සම්බන්ධ නිසාද මෙහෙම ගුටිකෑවේ?" කියලා.
ඊට පස්සේ පළවෙනි bed එකේ හිටපු මනුස්සයා කිව්වා "අනේ මම නම් දේශපාලනයට සම්බන්ධ නෑ. මට ඊට වඩා හොඳ වැඩක් වුණා" කියලා එයාගේ කතාව පටන් ගත්තා.
"මම camera man කෙනෙක්. ඔන්න මම එක දවසක් bus එකේ යද්දී මගේ bag එකේ තිබුණු photos ටිකක් bus එකේ බිමට වැටුණා.ඉතිං මම ඒවා ඔක්කොම ඇහිඳිද්දී එක photo 1ක් bus එකේ හිටපු නෝනා කෙනෙක්ගේ කකුලට පෑගිලා තිබුණේ. මම මගේ camera 1යි, bag 1යි එල්ලගෙන ඒ නෝනා ළඟට ගිහිල්ලා කිව්වා "නෝනා කකුල පොඩ්ඩක් උස්සන්න photo 1ක් ගන්න තියෙනවා" කියලා.
ඉතිං එක පාරටම මේ නෝනා මට ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ bus එකේ හිටපු හැමෝම මට ගැහුවා. ඒ නිසා තමයි මම අද hospital එකේ ඉන්නේ."
එතකොටම අනිත් මිනිහා කිව්වා "මටත් වුණේ ඔය වගේ වැඩක් මගේ කතාවත් අහන්න" කියලා.
"මමත් දවසක් bus එකේ යනකොට මට ඉස්සරහ ෂීට් එකේ හිටපු girlගේ සාය ඇණයකට පැටලිලා තිබුණා ඉතිං මම ඒක හරිගැස්සුවා.
එතකොට පිටිපස්සේ ෂීට් එකේ හිටපු boysලා ටික හයියෙන් හිනාවුණා. මම නෝන්ඩිය හින්දා ආයෙත් සාය තිබුණු විදියටම ඇණේට පලවද්දී ඒ girl ඒක දැකලා මට එයාගේ hand bag එකෙන් ගැහුවා. ඉතිං ඊට පස්සේ හැමෝම මට ගැහුවා. ඒ නිසා තමයි මම මේ bandage ඔතං ඉන්නේ" කියලා කිව්වා.
"ඉතිං ඔයාට වුණු දේ කියන්නකෝ" කියලා reporter අනිත් manට කිව්වා.
"මට නං වුණේ මේ දෙන්නට වුණුදේට වඩා වෙනස් දෙයක්. මම දවසක් වැඩ ඇරලා ගෙදර යන්න එනකොට හොඳටම රෑ වුණා. අපේ ගෙදරට වැඩපොලේ ඉඳලා ගොඩාක් දුරයි.එදා මම ගෙදර යන අන්තිම bus1ත් ගිහිල්ලා තිබුණා.
ඉතිං මම එතන තිබුණ පළවෙනි ගෙදරට ගිහිං අද රෑ නිදාගන්න දෙන්න පුලුවන්ද? කියලා ඇහුවා.
එතකොට කිව්වා" බෑ මේ ගෙදර ගෑනු ළමයි ඉන්නවා" කියලා.
ඊළඟට දෙවැනි ගෙදරට ගියා.මට අද රෑ නිදාගන්න දෙන්න පුලුවන්ද කියලා ඇහුවම ඒ ගෙදරත් ගෑනු ළමයි ඉන්නවා කිව්වා. ඉතිං හැම ගෙදරින්ම එහෙම කියපු නිසා මම අන්තිම ගෙදරට ගිහිල්ලා ඇහුවා
"මේ ගෙදර ගෑනු ළමයි ඉන්නවද?" කියලා.
ගෙදර මිනිහා ඇහුවා "ඇයි මොකටද?" කියලා.
මම කිව්වා "නිදාගන්න" කියලා.
ඊට පස්සේ මිනිහා අහළ පහළ මිනිස්සුන්ටත් කතා කරලා මට හොඳටම ගැහුවා."
ඊට පස්සේ reporter හොඳටම හිනාවෙලා කිව්වා "ඔය තුන්දෙනාම ගුටි කෑවේ ගෑනු හින්දනේ, ඒ නිසා මම මේ කතා තුන අනිවාරයෙන්ම අපේ පත්තරේට දානවා" කියලා. හා...හා...හී...හී....

ටිකක් විතර හිනාවෙන්න.................

CRAZY MAN........
මේ කතාව මේ ළඟදී අපේ තාත්තා මට කියපු කතාවක්.ටිකක් විතර funny ඒත් ඇත්ත story 1ක්.මාතර පැත්තේ වෙච්ච සිද්ධියක්ලු.
මාතර ground එකේ ප්‍රසිද්ධ බුද්ධ කුටියක් තියෙනවනේ. ඉතිං මේකට මිනිස්සු හැමදාම බුද්ධ පූජාව තියනවලු . මෙතන ටිකක් crazy man ‍කෙනෙක් ඉන්නවා .ඉතිං මෙයා හැමදාම තියන බුද්ධ පූජාවට වැඩේ දෙනවලු.
ඉතිං ඊට කලිං ‍මෙයා හැමදාම තනියම කියවන small dialogue 1ක් තියෙනවා. ඒක තමයි මේ. මේක කියන්නේ crazy mansම තමයි.
"බුද්ධා දානේ වළඳන්න." ඊට පස්සේ mansම කියනවා
"නෑ සිරිදාස කන්නකෝ"
"නෑ නෑ බුද්ධ වළඳන්නකෝ"
"නෑ නෑ සිරිදාස ම කන්නකෝ" ඊට පසසේ mans කියනවා
"එහෙනං ඉතිං බුද්ධා වළඳන්නෙ නෑනේ ඒ නිසා සිරිදාස කනවා."
මේ seen 1 ටික දවසක් මෙහෙම යද්දී අපේ දායක set 1ට මේක මාට්ටු වෙලා. පව් ඉතිං mans ඒත් ඉතිං දායක set 1 එයාට ගහලා එළවලා. පස්සේ හොයලා බලනකොට mans realම really crazy man කෙනෙක්ලු. පව් නේ..............!

Sunday, June 27, 2010

ආයුබෝවන්!


මගේ Blog එක බලන හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා!