Thursday, September 10, 2015

Ayeth awooooo

Hi mage yaluwaneeeeee.................. Onn mn awa ayemath blog1 paththe aurudu ganakata passe...................... Ammehh dn mata 20kuth wenawane. kale yana ekmana hetha gannwth baaa... hmmmmmmmmmmm

Wednesday, December 22, 2010

මිතුරේ!

කුඩා කල් පටන් මාත් සමඟ සිට,
ශිල්ප ගැනුමට එකම තක්සලාවට
පියමැන්න අපිකෙදිනක හෝ වෙන්ව යන්නෙමු....
ඔබ මගේම සොයුරියක ලෙස,
දුක් කරදර වලදී මා ළඟින්ම සිට
බාධක ජයගැන්මට ද උදව් දුන් ඔබට
පතමි සුභ ප්‍රාර්ථනා!...
මගේ ම මිතුරිය වේවා සදාකල්හිම......!

Sunday, September 12, 2010

Sri Lanka , New Zeland Cricket Match

                                    Topic 1 දැක්කම මම මොකක් ගැන කියන්න යනවද කියලා හිතාගන්න අමාරු වෙයි.
 මම මේ කියන්න යන්නේ දඹුල්ල stadium එකේ අගෝස්තු 19 වෙනිදා තියන්න ගියපුCricket Match 1 ගැනයි.

                                   අපි ඒක බලන්න ගියා. එදා match 1 ‍දවල් 2ට පටන් ගන්නවා කියපු නිසා
    අපි දවල් 12.30 ටම එතනට ගියා. අපි පොඩි Jolly යක් ගන්න bongo එකකුත් අරං තමයි ගියේ.
 Match 1 බලන්න ගියේ මමයි, නංගියි, තාත්තයි, අයියලා තුන්දෙනයි, මල්ලියි, ලොකු තාත්තයි,
මදු තාත්තයි, Driver අංකලුයි. අපි ඉතිං ගිහිල්ලා ඉස්සරහිං වාඩිවෙලා, කාලා බීලා ටිකක් වෙලා ground එක දිහා බලං හිටියා. අහස ටිකක් කළු කරලා තිබ්බට කවුරුවත් හිතුවේ නෑ වහියි කියලා. (ඇත්තටම මම නං හිතුවා sure 1ට වහියි කියලා:-))
                                                          
                                        කොහොම හරි ground 1වහලා තිබ්බ රෙදි කෑලිත් අයිං කරලා match 1
පටන් ගන්න ලෑස්ති වෙනකොටම අපේ ලොකු තාත්තා පටන් ගත්තා bongo 1 ගගහා සිංදු කියන්න.
අපේ අයියලා එයාට help කළා. මමත් ඉතිං help1ක් දුන්නේ නැතුවම නෙමෙයි;-). මේ විදියට ගොඩාක් අය drums ගෙනල්ලා ගැහුවා. අපේ අයියලා තුන්දෙනයි, ලොකු තාත්තයි, ඒ මල්ලියි Sri lanka ටී ෂර්ට් ඇදං , මූණේ ස්ටිකර් අලවං, ජාතික කොඩිත් අරගෙන ගියා. මම නං ඉතිං හොඳ ළමයා වගේ ගියා. Match එක බලන්න ඇවිත් හිටපු සමහර අය පාට පාට wigs දාලා මූණත් පාට කරගෙන ඇවිත් හිටියා. සමහරුන්ව දැක්කම හිනාත් යනවා.

                                    කොහොම හරි පටන් ගන්නවා කිව්වට මෙන්න බොලේ පටන් ගත්තේ match 1 නෙවෙයි අනේ මාර වැස්සක්.! ඔක්කොගෙම fun 1 දෙගොඩතලා ගියේ නැතෑ. පස්සේ ඉතිං වැස්ස පායයි කියලා හිත හිතා අපි රෑ 8.00 වෙනකම්ම ground එකේ හිටියා. ඒ වුණාට match 1 තිබ්බේ නෑ.

                                   ඊට පහුවදා ඒ කියන්නේ 20 වෙනිදා match 1 තියෙනවා කිව්ව නිසා අපි 20 වෙනිදත් ground 1 ට ආ‍වා. ඊට කලිං දවසේ ground 1 වහපු රෙදි එහෙම අයිං කරලා (කෙටියෙන් කිව්වොත්) match 1 පටන් ගත්තා. කියලා වැඩක් නෑ මතං overs 43යි. Match 1 finish. ඇයිද දන්නවද හවස 6.00 ට විතර එදත් වැස්සා. මේ වගේ පරිප්පුවක් නං මම කවදාවත් කාලා තිබ්බේ නෑ :-) සුපුරුදු පරිදි අපි 8.00ට විතර වෙන Circuit 1ක නැවතුනා. ඇයි දෙයියනේ කලිං circuit 1 book කරං තිබුණේ දවස් 2කට නේ.

                                         මේක තමයි ඉතිං අපි බලපු match 1කේ storyය. අපි දඹුල්ලේ තවත් ලස්සන තැනකට ගියා. ඒ ගැන මම පස්සේ වෙලාවක මතංලට කියන්නං

සමාවෙන්න!

අනේ මතංලා පොඩ්ඩක් sorry වෙන්න ඕන මේ ටිකේ post 1ක් දාන්න බැරි වුණාට.
මේ නිවාඩු කාලේ මම හරියට busy. මොකද අපේ ලොකු තාත්තයි,එයාගේ පුතයි දෙන්නා England වල ඉදං ආවනේ.
ලොකු තාත්තා මට Lap Top 1ක් ගෙනාවා. මම නං මේ නිවාඩු කාලේ full happy එකේ හිටියේ.
තවත් 1ක් මේ නිවාඩු කාලේ අපි මහා සංචාරයක් (මහ කිව්වට අනේ පොඩියි) කළා.
ඒ ගැන තමයි මම මතංලට දැන් කියන්න යන්නේ.

ඕං ඉතිං කියවලාම බලන්නකෝ.....

Sunday, July 18, 2010

ආදර පියාණනි....!


                                                         මා මෙලොවට බිහි නොකළත්

                                                    කවා පොවා මා සුරැකිව දැඩිකොට

                                    වැටි වැටී නැඟිටින විට මට අත දුන්, දුක් කම්කටොළු වලදී

                                                      පර්වතයක් සේ ළඟ රැදී සිටිනා

                                                        මගේ ආදර පියාණනි...

                                               ජීවිතය සියළු බාධක මඟහැර

                       ජීවිතය ජයගන්නට මට දුන් ඔවදන්, යහමින් සුරකිමි දිවි ඇති තෙක්ම....

                                           මාගේ දෙනුවන් ඔබයි පියාණනි       
                                          
                                          උපදින හැම භවයකම වේවා ඔබ

                                                 මගේම පියාණන්....!

ආදරණීය මෑණියනි!



                                                           දස මසක් කුස දරා
                           
                                                  මා මෙලොවට බිහි කොට,
                                 
                                               ලේ කිරි කර පොවා මා දැඩිකර

                                   එදා පටන් අද දක්වා ජීවිතයෙහි දුක් කම්කටොළු මැද

                                          මා දිරිමත් කරනා ආදර මෑණියනි..............

                                                  පතනෙමි සැමදා ..

                                      ඔබ මගේම මෑණියන්වී ඉපදෙන්නට!



                                        

මම තමයි ඕයි doctor................!





                      
                                   එක මනුස්සයෙක් වාහනයක් drive කරං ගිහිං කහඉර ළඟදි මඟියෙක්ව හැප්පුවාලු.
         මේ මිනිහා වාහනෙන් බැහැලා ගිහිං මඟියට කිව්වලු,

                                          "තමුසේ මෙතන හැප්පිච්ච එක හොඳයි"

                                          මඟියා " ඇයි ඒ එහෙම කියන්නේ? " කියලා අහලා.

                                          රියදුරා " නෑ... මේ ඉස්සරහ තියෙන්නේ doctorගේ ගෙදරනේ. ඒ නිසා
                                                     තමුසෙගෙ වෙලාව හොඳයි." කිව්වලු.

                 එතකොටම මඟියාට යකා නැඟලා හයියෙන් කෑ ගහලා කිව්වලු,
                                        
                                         " මම තමයි ඕයි Doctor " කියලා.