Topic 1 දැක්කම මම මොකක් ගැන කියන්න යනවද කියලා හිතාගන්න අමාරු වෙයි.
මම මේ කියන්න යන්නේ දඹුල්ල stadium එකේ අගෝස්තු 19 වෙනිදා තියන්න ගියපුCricket Match 1 ගැනයි.
අපි ඒක බලන්න ගියා. එදා match 1 දවල් 2ට පටන් ගන්නවා කියපු නිසා
අපි දවල් 12.30 ටම එතනට ගියා. අපි පොඩි Jolly යක් ගන්න bongo එකකුත් අරං තමයි ගියේ.
Match 1 බලන්න ගියේ මමයි, නංගියි, තාත්තයි, අයියලා තුන්දෙනයි, මල්ලියි, ලොකු තාත්තයි,
මදු තාත්තයි, Driver අංකලුයි. අපි ඉතිං ගිහිල්ලා ඉස්සරහිං වාඩිවෙලා, කාලා බීලා ටිකක් වෙලා ground එක දිහා බලං හිටියා. අහස ටිකක් කළු කරලා තිබ්බට කවුරුවත් හිතුවේ නෑ වහියි කියලා. (ඇත්තටම මම නං හිතුවා sure 1ට වහියි කියලා:-))
කොහොම හරි ground 1වහලා තිබ්බ රෙදි කෑලිත් අයිං කරලා match 1
පටන් ගන්න ලෑස්ති වෙනකොටම අපේ ලොකු තාත්තා පටන් ගත්තා bongo 1 ගගහා සිංදු කියන්න.
අපේ අයියලා එයාට help කළා. මමත් ඉතිං help1ක් දුන්නේ නැතුවම නෙමෙයි;-). මේ විදියට ගොඩාක් අය drums ගෙනල්ලා ගැහුවා. අපේ අයියලා තුන්දෙනයි, ලොකු තාත්තයි, ඒ මල්ලියි Sri lanka ටී ෂර්ට් ඇදං , මූණේ ස්ටිකර් අලවං, ජාතික කොඩිත් අරගෙන ගියා. මම නං ඉතිං හොඳ ළමයා වගේ ගියා. Match එක බලන්න ඇවිත් හිටපු සමහර අය පාට පාට wigs දාලා මූණත් පාට කරගෙන ඇවිත් හිටියා. සමහරුන්ව දැක්කම හිනාත් යනවා.
කොහොම හරි පටන් ගන්නවා කිව්වට මෙන්න බොලේ පටන් ගත්තේ match 1 නෙවෙයි අනේ මාර වැස්සක්.! ඔක්කොගෙම fun 1 දෙගොඩතලා ගියේ නැතෑ. පස්සේ ඉතිං වැස්ස පායයි කියලා හිත හිතා අපි රෑ 8.00 වෙනකම්ම ground එකේ හිටියා. ඒ වුණාට match 1 තිබ්බේ නෑ.
ඊට පහුවදා ඒ කියන්නේ 20 වෙනිදා match 1 තියෙනවා කිව්ව නිසා අපි 20 වෙනිදත් ground 1 ට ආවා. ඊට කලිං දවසේ ground 1 වහපු රෙදි එහෙම අයිං කරලා (කෙටියෙන් කිව්වොත්) match 1 පටන් ගත්තා. කියලා වැඩක් නෑ මතං overs 43යි. Match 1 finish. ඇයිද දන්නවද හවස 6.00 ට විතර එදත් වැස්සා. මේ වගේ පරිප්පුවක් නං මම කවදාවත් කාලා තිබ්බේ නෑ :-) සුපුරුදු පරිදි අපි 8.00ට විතර වෙන Circuit 1ක නැවතුනා. ඇයි දෙයියනේ කලිං circuit 1 book කරං තිබුණේ දවස් 2කට නේ.
මේක තමයි ඉතිං අපි බලපු match 1කේ storyය. අපි දඹුල්ලේ තවත් ලස්සන තැනකට ගියා. ඒ ගැන මම පස්සේ වෙලාවක මතංලට කියන්නං
1 comments:
අපරාදෙනේ!
Post a Comment