Saturday, July 17, 2010

කතරගම දෙවියෝ......!

                               ඔන්න එක පිස්සු වාට්ටුවක හිටපු man කෙනෙක්
             ඒ වාට්ටුව භාර doctor ගෙදර යද්දී doctorට ලියුමක් දුන්නලු,
           
                  "අනේ doctor මේ ලියුම post කරන්න" කියලා

           ඉතිං doctor හා කියලා ලියුම අරන් ගිහිං address 1 බලද්දී ලිපිනය ලියලා තිබුණේ මෙහෙමලු

                                                 කතරගම දෙයියෝ,
                                                 කතරගම දේවාලය,
                                                 කතරගම.

                 ඉතිං doctor පටස් ගාලා ලියුම කඩලා බැලුවලු. ලියුම ලියලා තිබුනේ මෙහෙම,

                                   "  අනේ ‍දෙවියනේ! මගේ අතේ සිගරට් එකක් බොන්න තරම්වත් සල්ලි නෑ.
         පුළුවන් නම් මට රු.100/= ක් එවන්න. එවනකං බලං ඉන්නවා." කියලා තිබුණලු.

               ඉතිං ලියුම කියවලා දුක හිතුන doctor පහුවදා ලියුම් කවරයක රු.50/= ක් දාලා අර මිනිහට
       දුන්නලු.

             හවස doctor ගෙදර යද්දී අර මනුස්සයා doctorට තව ලියුමක් දුන්නලු post කරන්න කියලා.
      ඒ ලියුමේ තිබුණෙත් අර address 1මලු.Doctor ලියුම කඩලා බලල කියෙව්වලු,

              දයාබර කතරගම දෙවියනේ,
                        
                               මට සල්ලි එව්වට ස්තුතියි. ඒත් ඉතිං ඔබ වහන්සේ එවපු රු.100/= යෙන්
            
            රු.50/= කටම Doctorකාරයා විදලා. වෙන ලියුම් කවරෙකට රු.50/= ක් දාලා මට දුන්නා.

           මේක දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ!"

                                  කියලා ලියල තිබුණලු. ඒක දැකපු doctorට තරු විසිවුණාලු.
                                                                                  

3 comments:

Unknown said...

හහා... මරු කතාව..

Rash said...

joly කතාව!

Blinky said...

ඔයාලා දෙන්නටම Thanks!

Post a Comment