Sunday, July 4, 2010

ගුටි කෑම..............

මේ කතාව නම් ටිකක් විතර jolly. කතාවේ හැටියට ප්‍රධාන චරිත 3ක් තියෙනවා. ඒ තුන්දෙනා හොඳටම ගුටිකාලා hospital එකේ ඇඟ වටේට bandage කරගෙන හිටියේ. මේ ගැන ආරංචි වුණු reporter කෙනෙක් hospital 1ට ආවා මේ තුන්දෙනාව බලන්න. ඊට පස්සේ එයා මේ තුන්දෙනාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
"ඔය කට්ටිය දේශපාලනයට සම්බන්ධ නිසාද මෙහෙම ගුටිකෑවේ?" කියලා.
ඊට පස්සේ පළවෙනි bed එකේ හිටපු මනුස්සයා කිව්වා "අනේ මම නම් දේශපාලනයට සම්බන්ධ නෑ. මට ඊට වඩා හොඳ වැඩක් වුණා" කියලා එයාගේ කතාව පටන් ගත්තා.
"මම camera man කෙනෙක්. ඔන්න මම එක දවසක් bus එකේ යද්දී මගේ bag එකේ තිබුණු photos ටිකක් bus එකේ බිමට වැටුණා.ඉතිං මම ඒවා ඔක්කොම ඇහිඳිද්දී එක photo 1ක් bus එකේ හිටපු නෝනා කෙනෙක්ගේ කකුලට පෑගිලා තිබුණේ. මම මගේ camera 1යි, bag 1යි එල්ලගෙන ඒ නෝනා ළඟට ගිහිල්ලා කිව්වා "නෝනා කකුල පොඩ්ඩක් උස්සන්න photo 1ක් ගන්න තියෙනවා" කියලා.
ඉතිං එක පාරටම මේ නෝනා මට ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ bus එකේ හිටපු හැමෝම මට ගැහුවා. ඒ නිසා තමයි මම අද hospital එකේ ඉන්නේ."
එතකොටම අනිත් මිනිහා කිව්වා "මටත් වුණේ ඔය වගේ වැඩක් මගේ කතාවත් අහන්න" කියලා.
"මමත් දවසක් bus එකේ යනකොට මට ඉස්සරහ ෂීට් එකේ හිටපු girlගේ සාය ඇණයකට පැටලිලා තිබුණා ඉතිං මම ඒක හරිගැස්සුවා.
එතකොට පිටිපස්සේ ෂීට් එකේ හිටපු boysලා ටික හයියෙන් හිනාවුණා. මම නෝන්ඩිය හින්දා ආයෙත් සාය තිබුණු විදියටම ඇණේට පලවද්දී ඒ girl ඒක දැකලා මට එයාගේ hand bag එකෙන් ගැහුවා. ඉතිං ඊට පස්සේ හැමෝම මට ගැහුවා. ඒ නිසා තමයි මම මේ bandage ඔතං ඉන්නේ" කියලා කිව්වා.
"ඉතිං ඔයාට වුණු දේ කියන්නකෝ" කියලා reporter අනිත් manට කිව්වා.
"මට නං වුණේ මේ දෙන්නට වුණුදේට වඩා වෙනස් දෙයක්. මම දවසක් වැඩ ඇරලා ගෙදර යන්න එනකොට හොඳටම රෑ වුණා. අපේ ගෙදරට වැඩපොලේ ඉඳලා ගොඩාක් දුරයි.එදා මම ගෙදර යන අන්තිම bus1ත් ගිහිල්ලා තිබුණා.
ඉතිං මම එතන තිබුණ පළවෙනි ගෙදරට ගිහිං අද රෑ නිදාගන්න දෙන්න පුලුවන්ද? කියලා ඇහුවා.
එතකොට කිව්වා" බෑ මේ ගෙදර ගෑනු ළමයි ඉන්නවා" කියලා.
ඊළඟට දෙවැනි ගෙදරට ගියා.මට අද රෑ නිදාගන්න දෙන්න පුලුවන්ද කියලා ඇහුවම ඒ ගෙදරත් ගෑනු ළමයි ඉන්නවා කිව්වා. ඉතිං හැම ගෙදරින්ම එහෙම කියපු නිසා මම අන්තිම ගෙදරට ගිහිල්ලා ඇහුවා
"මේ ගෙදර ගෑනු ළමයි ඉන්නවද?" කියලා.
ගෙදර මිනිහා ඇහුවා "ඇයි මොකටද?" කියලා.
මම කිව්වා "නිදාගන්න" කියලා.
ඊට පස්සේ මිනිහා අහළ පහළ මිනිස්සුන්ටත් කතා කරලා මට හොඳටම ගැහුවා."
ඊට පස්සේ reporter හොඳටම හිනාවෙලා කිව්වා "ඔය තුන්දෙනාම ගුටි කෑවේ ගෑනු හින්දනේ, ඒ නිසා මම මේ කතා තුන අනිවාරයෙන්ම අපේ පත්තරේට දානවා" කියලා. හා...හා...හී...හී....

6 comments:

මුditha said...

පව් අනේ!...........

කාංචන දිනූක said...

එළ ස්ටෝරිය :)

Dil said...

මරු වැඩේ...

Naදී said...

හික් හික්...මරු...

budhajeewa said...

ඔන්න ඔහොමයි උනැයි කියන්නෙ, ලොල්! :P

අයංකා said...

ඇත්තටම jolly කතාව.

Post a Comment