දෙයියො තමයි දන්නේ සිද්ධිය//
සුදු වෙන්නට හිතපු කෙනා බිව්වා නේද වදකහ සුදිය
දවාලේම රෑ වුණු ඒ විගසේ
එමලි ගියා පිළිකන්නට විලසේ
කලුවට හිටි එමලි සුදුවෙන්නට හිතපි
අනේ! මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ!
බිව්වා නේද වදකහ සුදිය....?
මම මේ සිංදුව ලිව්වේ 50ස් ගණන් වල විතර වුණු පොඩි සිද්ධියක් කියන්න.
වෙනදා වගේම මේ කතාව කිව්වෙත් මගේ තාත්තා. ආච්චි තමයි තාත්තට කියලා තියෙන්නේ.
ඔන්න ඉතිං කතාව අහගන්නකෝ!
එක කාලෙක මේ ළඟදී වුණා වගේ සූර්යග්‍රහණයක් ඇතිවෙලා තියෙනවා.
ඉතිං ඒ කාලේ ජෝතිෂ්‍යය ගැන තිබුන පත්තරවල කියලා තිබුණලු සූර්යග්‍රහණයක් ඇතිවෙනවා
ඒ වෙලාවට වදකහ ගලක ඌරච්චි කරලා බීලා ගෙයි පිළිකන්නට ගිහිං ඉර දිහා බැලුවම ලස්සන
වෙලා මූණ පැහැපත් වෙනවා කියලා.

ඉතිං අපේ ලංකාව වටේ ඉන්න සමහර මෝඩ ගෑණු කට්ටිය කාටවත්
nokiaම මේ වැඩේ කරලා. අන්තිමට මාර seen එක කියන්නේ හතර දීපංකරේම
ඉන්න තළෙලු ස්ත්‍රී වර්ගයා hospital වල beds පිරෙනකං ඉදලා. Toilets පවා
මදි වෙලා. ඒ ඇයිද දන්නවද කට්ටියටම බඩේ රුදාව හැදිලා.
මාර case 1 කියන්නේ doctorsලට ඒ බඩ යන ලෙඩේට
හේතුව හොයාගන්න බැරිවෙලා. ඇයිද දන්නවද?
කවුරුවත් කියලා නෑ තමං වදකහ බිව්වා කියලා.
4 comments:
ඔයාත් හිතුවේ නැද්ද සූර්යග්‍රහණයක් දවසට වදකහ එහෙම ගාලා සුදු වෙන්න?..........
@Kreet
තාම නං නෑ. හිතුන දවසට ඔයාට අනිවාරයෙන්ම කියන්නං!
කවුරුහරි කට්ටියට රෙද්ද පෙන්නුවා......අපේ උන් පට ගාල කපල මහලා ඇඳ ගත්තා.......:D
@Shadow/හේමලයා
මොනා වුණත් කතාව නං ඇත්ත.
Post a Comment